Sunday, August 3, 2014

ආදරණීය ප්‍රේම්...

ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා...


ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි.
දිනක් ප්‍රේමකීර්ති ද මිතුරන් කීපදෙනෙකු සමග මේ ගසේ මුල් මත වාඩිවී මධුවිතක රස බලමින් සිටියේය. එක්වරම ඔහු දුටුවේ ඈතින් ගායක සුනිල් එදිරිසිංහ එන බවයි. ‘සරල ගී’ වැඩසටහනකට ගීයක් ලියන්නැයි සුනිල් කියා තිබූ බව ප්‍රේම්ට මතක් වූයේ එවිටය. සුනිල් මේ එන්නේ එය රැගෙන යන්නට බව දන්නා ප්‍රේම් පිළිතුරක් ලෑස්ති කර ගත්තේය. මුව පුරා සිනාසී තමා ළඟට ආ සුනිල්ව පිළිගත් ඔහු ‘සින්දුව ගෙනියන්න නේද ආවේ?’ කියා ඇසීය. සුනිල් හිස සැලීය.
‘සින්දුව හරි. ඒක තියෙන්නෙ සංස්ථාව ඇතුළෙ මගෙ ලොකර් එකේ. දැන් මම ඒක උඹට දෙන්න ගියොත් මුන් ටික මේ බෝත‍ලේ බිල ඉවර කරනවා. උඹට තව තියෙන ගමනක් ගිහින් පැය බාගෙකින් විතර එන්න බැරිද? එතකොට මම ඇතුළට ගිහින් සිංදු කොළේ අරන් දෙන්නම්...” ප්‍රේම් කීය.
ඔහු එසේ කී විට සුනිල්ට ඊට විරුද්ධවීමට බැරි නිසා ‘එහෙනං මම පැය බාගෙකින් එන්නම්...’ කියා එතැනින් යන්නට ගියේය. ප්‍රේම් කීවේ පට්ටපල් බොරුවකි. ඔහු ගීතයක් ලියා තිබුණේ නැත. සුනිල් ගිය පසුව යළි මිතුරන් හා එක්ව මධුවිත ගත් ප්‍රේම්ට ගසේ මුලක් මත වාඩි වී රේස් කොළයක්
බලන කෙනකු පෙනුණි. ඔහුගේ සිතෙහි පදවැලක් ඉපදුණේය. කොළ කෑල්ලක් ගත් ඔහු සිතට ආ පදවැල කොළයේ ලියා සාක්කුවට දමාගෙන යළි මිතුරන් අතරට එකතු විය.
පැය බාගයකින් පමණ සුනිල් ආවේය. ඔහුද කැටුව ගුවන්විදුලිය තුළට ගිය ප්‍රේම් සුනිල්ව අසුනක වාඩි කරවා ඔහුට නොපෙනෙන තැනකට වී සාක්කුවේ තිබූ කොළයේ
සටහන් කළ ගී පදවැල වෙනත් ලොකු කොළයක ලියා සුනිල්ට ගෙනැවිත් දුන්නේය. ඔහු ගී පදවැල කියවා අපමණ සතුටට පත්ව එය රැගෙන ගියේ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් වෙතටයි. එච්.එම්. අතින් ඊට ගැළපෙන තනුවක් යෙදී සුනිල් ගායනා කළ පසුව එය ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. සුනිල් එදිරිසිංහගේ ගීතාවලියේ සාර්ථක ගීතයක් ලෙස අදත් පිළිගැනෙන
‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’ එම ගීතයයි. (ප්‍රේම් එම ගීය ලියූ මාර ගස පිහිටි ගුවන්විදුලිය ඉදිරිපිට මාවත ඉකුත් 31 වෙනිදා ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ ලෙස නම්කරනු ලැබිය.)
නොබෝ කලකට පසුව එම ගීතයේ උපත පිළිබඳ මේ සිදුවීම ප්‍රේම් මට කීය. ‘බොරුවෙන් ගැලවෙන්න පැය බාගයක් තුළ හැදූ ගීතය’ යනුවෙන් මම එම පුවත ‘සත්සර’ සංගීත පුවත්පතට ලිව්වෙමි. පුවත්පත නිකුත්වී දෙතුන් දිනකට පසුව හමුවූ සුනිල් එම පුවත පළකිරීම නුසුදුසු බව කීය. තමා බොරුවකට රැවටුණු බව පාඨකයන් එමගින් දැනගන්නවා නොවේදැයි ඔහු මගෙන් විමසීය. එහෙත් මේ තරම් අගනා ගීතයක උපතේ රසවත් කතාව ගැන මිස පාඨකයන් ගායකයාගේ රැවටීමක් ගැන නොසිතන බව මම සුනිල්ට කීවෙමි. ඔහු එය පිළිගත්තේම නැත. තවත් ටික දිනකට පසුව හමු වූ ප්‍රේම්ට මම එම ලිපිය පළකිරීම පිළිබඳව සුනිල් දැක්වූ විරෝධය ගැන කීවෙමි. බක බක ගා මහ හයියෙන් සිනාසී ප්‍රේම් මෙසේ කීවේය.
“එයාට පිස්සුනෙ. යකෝ මාර වැඩක්නෙ. ඒක කොච්චර ලස්සන කතාවක්ද? මමනෙ උඹට කිව්වෙ. උඹ ලිව්වා. මිනිස්සු කියෙව්වා. එච්චරයි. කෑනොගහ ඉන්න කියපන්...”

මාලිනී බුලත්සිංහල විශාරද ගායිකාව ආනන්ද බාලිකාවේ උගන්වද්දී ඇගෙන් ශිල්ප ලැබූ සිසුවියක් වූවාය. සිසුවියගේ මව පැරණි ගායිකාවකි. දිනක් පුවත්පතකින් පැමිණ මාලිනීගේ පන්තිය ගැන ලියද්දී එම සිසුවියගේ මව ගැනද ලියා මුල්තැනක් දෙන්නැයි මාලිනී කීවාය. ‍ලේඛකයා සිසුවියට   විශේෂත්වයක් දී පළකළේය.
පසුව සිසුවිය මව සමග ප්‍රසංගයක් පැවැත්වූ අතර එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්තිය. සිසුවියට ශිල්පය දී බාහිර උදව්ද එසේ කළ මාලිනී ගුරුතුමියට තවත් කෙටි කලකින්  රාත්‍රී සංගීත ප්‍රසංගයකදී සිසුවිය හමුවූයේ ගායිකාවක ලෙස සිසුවියද ඒ වන විට ප්‍රසංගවලට ගිය බැවිනි. මාලිනීට තවත් හදිසි කරුණක් නිසා ඉක්මනින් යා යුතු වූ බැවින් ප්‍රසංගයේ ගී ගයන ලැයිස්තුවේ වෙනසක් කරගැනීමට අවශ්‍ය විය. එහෙත් ඇයට ඉහළින් ලැයිස්තුවේ අත්සන් කර සිටි සිසුවිය ගුරුතුමියට ඉක්මනින් ගී ගයා යන්නට අවස්ථාව ලබා දීම ප්‍රතික්‍ෂේප කළාය. ඒ මදිවාට මව සහ පියා සමග සිටි සිසුවිය ඇනුම් පදද කියනු මාලිනීට ඇසුණි. මාලිනී කඩා වැටුණාය. කම්පා වූවාය. සිසුවියට පසුව ගී ගයා නික්ම යන තුරුද ඒ සිදුවීම ඇගේ සිත පාරමින් තිබුණි. දිනකට දෙකකට පසුව සිය මිතුරෙකු වූ ප්‍රේමකීර්තිව මාලිනීට හමුවිය. කලකිරී සිටි මාලිනී මේ සිද්ධිය නිකමට ඔහුට කීවාය. කතාව අසා පැත්තකට ගිය ප්‍රේම් කඩදාසියක ගී පදවැලක් සටහන් කරගෙන පැමිණ මාලිනීට එය දුන්නේය.

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා..
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා...
අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා...
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා..


ප්‍රේම් ලියා තිබුණේ මූසිල සිසුවියගේ කතාවයි. කන්ද මාලිනීටත් කෙන්ද සිසුවියටත් උපමා කර තිබුණි. මාලිනී මෙය සිය සැමියා එච්.එම්.ට දී තනුවක් දමාගෙන ගැයූ අතර එය අද පවා ජනප්‍රිය ගීතයකි. මාලිනී බුලත්සිංහල ‘කන්දක්’ සේම මියගිය අතර මූසිල සිසුවිය අදද ‘කෙන්දක්’ සේ සිටී. ප්‍රේම්ගේ සැසැඳීම නිවැරදිය.
‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයෙකු කැපිලි දමා තිබේ.      හිතවත් සංගීතවේදියෙකු ලවා දමා ඇති එක් කැපිල්ලක් නිසා ප්‍රේම් එම සංගීතවේදියා සමග මිය යන තුරුම වැඩ කළේ නැත. එක් චිත්‍රපටයකට ඔහු ගීතයක් ලියූ විට අධ්‍යක්ෂවරයාත් සෑහීමකට පත්ව තිබියදී සංගීතවේදියා හතර පස් වතාවක්ම යළි යළිත් ලියන ලෙස කීම ගැන කෝප වූ ප්‍රේම් අන්තිම වතාවේ ගීතය ලියූ කඩදාසිය ඉරා වීසි කර ගෙදර පැමිණ තිබේ. එම කැපිල්ල දමන්නට සංගීතවේදියා පෙළඹවූ ගීත රචකයා නිතර අනුන්ව විවේචනය කරන්නෙකු ද විය. ප්‍රේම් ඔහුගෙන් නිර්මාණශීලීව පලිගත්තේ පේ‍රඩී සිල්වාට ‘පාන් කිරිත්තා’ ගීය ලියමිනි.
“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා - තමන් දන්න දේ හරියට කරපන්...” කියා ප්‍රේම් ලියා ඇත්තේ ඔහුටය. ඔහු ජීවත්ව සිටියත් මළ සේය. ප්‍රේම් මළත් අදත් ජීවත් වන සේය.
ප්‍රේම්ගේ මුල්ම සහකාරිය වූ ප්‍රවීණ නිවේදිකා දයා ද අල්විස්ගෙන් වෙන්ව සිටි අවධියේ දිනක් ඔහු සිය මෝටර් රථයෙන් දෙල්කඳ පැත්තේ සිට කොළඹ දෙසට එමින් සිටියේය. දයාගෙන් ලැබූ දියණිය සුරංගි ද එකල ඔහුගෙන් ඈත්ව සිටියාය. නුගේගොඩ හරියේදී කහ ඉරෙන් පාසල් දැරියක් පාර පනිනු දැක ඔහු ඇයට යන්නට රිය නවතා බලා සිටියේය. ගීයක් ඉපදුණේය.


පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා...
මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා...
 

 

යනුවෙන් ඒ මොහොතේ ඔහුගේ සිතේ උපන් ගීය නිරංජලා සරෝජිනියගේ හඩින් ගැයුණු විට එය ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය. නන්දා මාලිනී ගැයූ ‘සුරංගිට දුක හිතුණා’ ගීයද ඔහු ලිව්වේ සුරංගි දුව වෙනුවෙනි.

එච්.ආර්. ජෝතිපාලයන් 1987 ජූලි 7 වෙනිදා මියගිය පසුව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මධ්‍යයේ බොරැල්ල කනත්තේදී ජෝතිගේ අවමඟුල සිදුකෙරුණේ ජූලි 9 වෙනිදාය. එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. නිහාල් නෙල්සන් ගායකයාණන්ට ක්ෂණිකව කතාවක් දීමට සිදුවූ නිසා ‘මේ නිහාල් නෙල්සන් කතා කරන්න බලා‍පොරොත්තු වෙනවා...’ කියා ප්‍රේම් මයික්‍රෆෝනය දුන්නේය. කෙටි එහෙත් සරු කතාවක් කළ නිහාල් ජෝතිගේ නමට මුලින් ඇති එච්.ආර්. යන අකුරු දෙකට ගැළපෙන්නේ ‘හදවත රත්තරන්’ යන වදන් බව මුලින්ම කීවේ එතැනදීය. තම ගී පදවැල් රැසකට ජීවය දුන් ජෝතිමත් ගායක මිතුරාගේ දේහය චිතකයේ දැවෙන තෙක් බලා සිට ස්වාධීන රූපවාහිනියට ගිය ප්‍රේම් ජෝති අවමඟුල ගැන පැයක වැඩසටහනක් සකසා එම රාත්‍රියේම ඉදිරිපත් කළේය.
වැඩසටහන අවසානයේ ජෝතිගේ චිතකය දැවෙන දසුන පසුබිමෙන් ප්‍රේමකීර්ති වාදනය කළේ ජෝතිගේ ජනප්‍රිය පී්‍රති ගීතයක් වූ මේ ගීතයයි...

අද අමුතුම රැයකී
හොඳ සීතල පැයකී
අඳුරු වලා වැලකී
මගෙ හිත සතුට දකී

වෙනත් ඕනෑම නිවේදකයෙකු හෝ නිෂ්පාදකයෙකු ඒ වැඩසටහන කළා නම් එම දසුන පසුබිමෙන් ජෝතිගේ ඉතාම සෝබර ගීතයක් යොදනු නිසැකය. නමුත් නිර්මාණශීලී ප්‍රේම්, ඔමාර් ඛයියාම්ගේ දර්ශනය ඇදහූ ජෝති නමැති රසවතා මරණයෙන්ද සතුට දකින වග එම ගීය යොදමින් කියා පෑවේය. 1987 ජූලි 9 වෙනිදා ජෝති ගැන ප්‍රේම් එවැනි නිර්මාණශීලී වැඩසටහනක් ඉදිරිපත් කළත් 1989 ජූලි 31 වෙනිදා ප්‍රේමකීර්ති ද අල්විස් මරා දැමූ පසුව ඔහු ගැන හරිහමන් වැඩසටහනක් කරන්නට කිසිවෙකුත් සිටියේ නැත.


උපුටා ගැනීම ලක්බිම පුවත්පතෙන්...

 

ප්‍රේම් ලියු මා වඩාත් ප්‍රිය කරන ගී කීපයක් ...


 සිතින් මා නොසැලී ඉඳිද්දී...



මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු අසල්වැසියකු සොයනු පෙනේ..


හෙට දවසේ අප දෙදෙනා අද වාගේම හමුවිය යුතු වේ...



මිහිරැති වසන්ත කාලේ...


මා එක්කලා අමනාපව වී දබර...දූගේ තාත්තා එන්නේ නැහැ ගෙදර...


අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න..


මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි...


මුහුණු පොතෙන්..

Friday, July 4, 2014

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි...

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය , පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය.

මා වැනි                       බිලින්දා..
වර වර ලඟට                කැන්දා..
දුක් සැප                      කුමන්දා..
අසන නිරිඳෝ වෙන   කොයින්දා..

දිනක් කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු රජු සිය රාජකාරි කටයුතු සඳහාත්, විනෝදය අසල ගමක සැරිසරන්නට වූහ. මෙසේ සැරිසරන රජුට කුඩා දරුවෙකු දක්නට ලැබුණි. රජු දරුවා ලඟට කැඳවා ඔහුගේ සුවදුක් කෙසේදැයි විමසුහ. එසේ විමසු රජතුමාට කුඩ දරුවා මේම කවියෙන් සිය කෘතඥතාවය පළ කළේය...


A great literary figure shrouded in mystery... 

THE VENERABLE SRI RAHULA THERO OF SRI LANKA...

Sunday, February 3, 2013

Married or not you should read this...

“When I got home that night as my wife served dinner, I held her hand and said, I’ve got something to tell you. She sat down and ate quietly. Again I observed the hurt in her eyes.

Suddenly I didn’t know how to open my mouth. But I had to let her know what I was thinking. I want a divorce. I raised the topic calmly. She didn’t seem to be annoyed by my words, instead she asked me softly, why?

I avoided her question. This made her angry. She threw away the chopsticks and shouted at me, you are not a man! That night, we didn’t talk to each other. She was weeping. I knew she wanted to find out what had happened to our marriage. But I could hardly give her a satisfactory answer; she had lost my heart to Jane. I didn’t love her anymore. I just pitied her!

With a deep sense of guilt, I drafted a divorce agreement which stated that she could own our house, our car, and 30% stake of my company. She glanced at it and then tore it into pieces. The woman who had spent ten years of her life with me had become a stranger. I felt sorry for her wasted time, resources and energy but I could not take back what I had said for I loved Jane so dearly. Finally she cried loudly in front of me, which was what I had expected to see. To me her cry was actually a kind of release. The idea of divorce which had obsessed me for several weeks seemed to be firmer and clearer now.

The next day, I came back home very late and found her writing something at the table. I didn’t have supper but went straight to sleep and fell asleep very fast because I was tired after an eventful day with Jane. When I woke up, she was still there at the table writing. I just did not care so I turned over and was asleep again.

In the morning she presented her divorce conditions: she didn’t want anything from me, but needed a month’s notice before the divorce. She requested that in that one month we both struggle to live as normal a life as possible. Her reasons were simple: our son had his exams in a month’s time and she didn’t want to disrupt him with our broken marriage.

This was agreeable to me. But she had something more, she asked me to recall how I had carried her into out bridal room on our wedding day. She requested that every day for the month’s duration I carry her out of our bedroom to the front door ever morning. I thought she was going crazy. Just to make our last days together bearable I accepted her odd request.

I told Jane about my wife’s divorce conditions. . She laughed loudly and thought it was absurd. No matter what tricks she applies, she has to face the divorce, she said scornfully.

My wife and I hadn’t had any body contact since my divorce intention was explicitly expressed. So when I carried her out on the first day, we both appeared clumsy. Our son clapped behind us, daddy is holding mommy in his arms. His words brought me a sense of pain. From the bedroom to the sitting room, then to the door, I walked over ten meters with her in my arms. She closed her eyes and said softly; don’t tell our son about the divorce. I nodded, feeling somewhat upset. I put her down outside the door. She went to wait for the bus to work. I drove alone to the office.

On the second day, both of us acted much more easily. She leaned on my chest. I could smell the fragrance of her blouse. I realized that I hadn’t looked at this woman carefully for a long time. I realized she was not young any more. There were fine wrinkles on her face, her hair was graying! Our marriage had taken its toll on her. For a minute I wondered what I had done to her.

On the fourth day, when I lifted her up, I felt a sense of intimacy returning. This was the woman who had given ten years of her life to me. On the fifth and sixth day, I realized that our sense of intimacy was growing again. I didn’t tell Jane about this. It became easier to carry her as the month slipped by. Perhaps the everyday workout made me stronger.

She was choosing what to wear one morning. She tried on quite a few dresses but could not find a suitable one. Then she sighed, all my dresses have grown bigger. I suddenly realized that she had grown so thin, that was the reason why I could carry her more easily.

Suddenly it hit me… she had buried so much pain and bitterness in her heart. Subconsciously I reached out and touched her head.

Our son came in at the moment and said, Dad, it’s time to carry mom out. To him, seeing his father carrying his mother out had become an essential part of his life. My wife gestured to our son to come closer and hugged him tightly. I turned my face away because I was afraid I might change my mind at this last minute. I then held her in my arms, walking from the bedroom, through the sitting room, to the hallway. Her hand surrounded my neck softly and naturally. I held her body tightly; it was just like our wedding day.

But her much lighter weight made me sad. On the last day, when I held her in my arms I could hardly move a step. Our son had gone to school. I held her tightly and said, I hadn’t noticed that our life lacked intimacy. I drove to office…. jumped out of the car swiftly without locking the door. I was afraid any delay would make me change my mind…I walked upstairs. Jane opened the door and I said to her, Sorry, Jane, I do not want the divorce anymore.

She looked at me, astonished, and then touched my forehead. Do you have a fever? She said. I moved her hand off my head. Sorry, Jane, I said, I won’t divorce. My marriage life was boring probably because she and I didn’t value the details of our lives, not because we didn’t love each other anymore. Now I realize that since I carried her into my home on our wedding day I am supposed to hold her until death do us apart. Jane seemed to suddenly wake up. She gave me a loud slap and then slammed the door and burst into tears. I walked downstairs and drove away. At the floral shop on the way, I ordered a bouquet of flowers for my wife. The salesgirl asked me what to write on the card. I smiled and wrote, I’ll carry you out every morning until death do us apart.

That evening I arrived home, flowers in my hands, a smile on my face, I run up stairs, only to find my wife in the bed -dead. My wife had been fighting CANCER for months and I was so busy with Jane to even notice. She knew that she would die soon and she wanted to save me from the whatever negative reaction from our son, in case we push through with the divorce.— At least, in the eyes of our son—- I’m a loving husband….

The small details of your lives are what really matter in a relationship. It is not the mansion, the car, property, the money in the bank. These create an environment conducive for happiness but cannot give happiness in themselves.

So find time to be your spouse’s friend and do those little things for each other that build intimacy. Do have a real happy marriage!

If you don’t share this, nothing will happen to you.

If you do, you just might save a marriage. Many of life’s failures are people who did not realize how close they were to success when they gave up. ♥

Remember love is the richest of all treasures. Without it there is nothing; and with it there is everything. Love never perishes , even if the bones of a lover are ground fine like powder. Just as the perfume of sandalwood does not leave it, even if it is completely ground up, similarly the basis of love is the soul, and it is indestructible and therefore eternal. Beauty can be destroyed , but not love. ♥

Original post here.

Saturday, December 22, 2012

Mother Tiger and Cub...



Mother Tiger and Cub Photo by Juniors Bildarchiv, Photolibrary Three of the eight tiger subspecies became extinct in the 20th century, hunted as trophies and also for body parts that are used in traditional Chinese medicine. All five remaining tiger subspecies are endangered. Big Cats Initiative National Geographic is working to avert the extinction of lions, tigers, and other big cats with the Big Cats Initiative, a comprehensive program that supports innovative projects.

More Pics Here...

Tuesday, December 18, 2012

තක්ෂිලා නාමයයි මා හදේ ජීවේ..!

එක්වී සහෝදර ප්‍රේමයෙන් ආවේ
රොක්වෙලා තුරුළු වී සෙනෙහසයි පෑවේ..
දුක්වෙලා ගියද සිත ඇය සමඟ හාවේ
තක්ෂිලා නාමයයි මා හදේ ජීවේ..

අනේක වූ වෙර ගෙන
සිප් නැණ පාදවා
මේ කෘර සමාජයේ
මා මිනිසෙකු ලෙස
ඔසවා තැබූ
තක්ෂිලා මැදි විදුහල් මාතාවනි..
මතු දිනෙක මා මියැදුනද
දින දින හද පුරා
විකසිත වන්නා වූ
බැති කුසුම් ඔබට සදාකල්
උපහාර පිණිසම වේවා...!!!


පද - වරුණ ශ්‍රී හත්වැල්ල







Friday, November 23, 2012

Best Imitations ever...

Cricket Commentary...
( Imitating Harsha Bhogle,Ravi Shastri,Ian Chappell,Tony Greig & Sachin )




By : Sabyasachi Tripathy - Kolkata



සුවඳ මට දී....
( Imitating Chandana Liyanarachchi, priya, Amaradewa, joly seeya, deepal silva )




 රෝස මලකුයි නෙලුම් මලකුයි ලස්සන වෙයි...