Friday, July 4, 2014

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි...

සිංහල සාහිත්‍යයේ ස්වර්ණම යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ යුගයයි. තොටගමුවේ ශ්‍රී රාහුල නාමය කෝට්ටේ යුගය ගැනත්, සිංහල සාහිත්‍ය වංශය පවසන විටත් අමතක නොවන්නන්කි. පරෙවි සංදේශය , සැළලිහිණි සංදේශය උන්වහන්සෙගේ නිසර්ග කවීත්වයට නිදසුන්ය .ඊට අමතරව කාව්‍යශේකරය , පංචසිකා ප්‍රදිපයත් බුද්ධිප්පසාදනි යන පද්‍ය සාධන ටීකාවත් උන්වහන්සේගේ කෘතින්ය. ශ්‍රි රාහුල හිමි කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජුගේ දවස සිට අටව්න පරාක්‍රමබාහු රජු දවස දක්වා වැඩ සිටියේය.

මා වැනි                       බිලින්දා..
වර වර ලඟට                කැන්දා..
දුක් සැප                      කුමන්දා..
අසන නිරිඳෝ වෙන   කොයින්දා..

දිනක් කෝට්ටෙ හයවන පරාක්‍රමබාහු රජු සිය රාජකාරි කටයුතු සඳහාත්, විනෝදය අසල ගමක සැරිසරන්නට වූහ. මෙසේ සැරිසරන රජුට කුඩා දරුවෙකු දක්නට ලැබුණි. රජු දරුවා ලඟට කැඳවා ඔහුගේ සුවදුක් කෙසේදැයි විමසුහ. එසේ විමසු රජතුමාට කුඩ දරුවා මේම කවියෙන් සිය කෘතඥතාවය පළ කළේය...


A great literary figure shrouded in mystery... 

THE VENERABLE SRI RAHULA THERO OF SRI LANKA...