Sunday, October 28, 2012

සරසවි කුරුටු ගී...

මොර‍ටුව සරසවිය..

හන්තානට පායන සඳ අපිට නැතී
කොළඹ වගේ හැඩ පොශ් බඩු අපිට නැතී
ජපුර වගේ එකට තුනක් අපිට නැතී
බීලා ගත්තු ආතල් නම් එමට ඇතී

නොගෙන යමි කිසිවක් ඔබෙන්
සරසවි මෑණියනි
ලබාගත් සියලු දෑ වසර හතරක් මුලුල්ලේ
ලියා කොල වල ජිම් එකේ
ආවේ ද හිස් අතිනි
යන්නේ ද හිස් අතිනි ...

රුහුණෙ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
කොළඹ එවුන් හොඳ පොෂ් බඩු දා ගත්තා
පේරෙ එවුන් ලව් එක ගැන සිත බැන්දා
මොරටුවෙ අපි කලේ මොන කරුමෙද මන්දා


කොළඹ සරසවිය..

සරා සඳ සොඳුරු රුව පැටළුනු රීඩ් මාව‍තේ
ගියා දිනක් මට මතකයි ඈත අතීතේ
කරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේ
ගැල්කරුගේ පනාව දැක මට මට හිනා යතේ

සරසවි බිමේ සත් වසරක් ගත කෙරුව
මගෙ ලොකු දුවේ ඇයි අද මට බැරුව
කුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරැව
අත් දෙක වන වනා ආවේ කිම දරුව

නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා
ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා
කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා
නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා

උතුම් සරසවි මෑනි කොලොං
වැදු මවට පමනි දෙවෙනි වෙන්
එදවස කරත්ත බැඳි කොල්ලන්
අද ගොනාට බැඳ දක්කයි ගෑනුන්


පේරාදෙණිය සරසවිය..


**සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට
දුන්නා බුට් එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙ මි වීරයා සේ එය මගෙ අතට

ලවර්ස් ලේන් එකෙ සුදු මල් පිපිදේවා
වෙනදා වගේ සවසට වැසි නොවැටේවා
මගේ කාමරය ඝණ අඳුරින් නොවැසේවා
ප්‍රවීණතා ප්‍රතිඵල පිට නොවේවා


කැළණිය සරසවිය..

දිල් රුක් ,ක්‍රීස්,බියට්‍රිස්
කුමට් ලී මම් ලවු ලෙටර්ස්
සඳවත් වේය මා බරි පෙම්
සිටිනේ අනුර්පූර්
ගම් පියස් මැද්
කෙසේ වැනෙත් වත් දෑ
අහා...
වලාවට් සඳක් මැයි ඈ
සතක් මයි මකිය මේ කුරුට් ගා
සෙට් මැයෙමි මම ඈ සොයා

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
මෙය කිව් එකාගේ කට කැඩුවත් මදිය
ඉක්මන් වුන එකා ලඟ බඩු හත අටය
බඩුවක් නැති මෙමං තාමත් තනිකඩය

අනේ මිණිවන්
ඔබේ දෙසුමන්
අපේ දෙනුවන්
කරයි අඩවන්

රෙන්න බර වූ විට
දුවගෙන ආපු පලියට
වට පිට කැත නොකොට
රීල පළයන් හිතේ හැටියට


රුහුණු සරසවිය..

ආදරය තුළ ඇතිමුත් බොහෝ අරුතක්
සැඟව ඇතිමුත් ලොවට නොදැනෙන
ජීවිතේ නව මං පෙතක හිඳ
ආදරේ හට නොකරං දෙවැනි තැන

ආවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
කෑවේ පාන් අප හට නැත බත් කන්න
කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
කවුරුද කැමති මට බත් අම්මා වෙන්න

ආවත් උඩ පැනන් ඩිග්රිය අරගෙන යන්න
තාමත් බැරි උනා මට ඩිග්රිය ගොඩ යන්න
අවුරුදු දෙක තුනක් සිදුවිය මට ඇණ ගන්න
ඩිග්රිය එපා මට මං යනවා යන්න

ජ'පුර සරසවිය..

--පැනය
මල් මල් කීවාට හැම මල් සුවඳ නැත
සමන් පිච්ච මල මුදුනේ රේණු නැත
පිටතට තිබෙන හිතවත් කම් ඇතුලෙ නැත
ආදිම මිනිසාවත් මෙතරම් දරැණු නැත
--පිළිතුර
එසේ වුවත් සුවැඳැති මල් එමට ඇත
රේණු නැතත් මල පුරාම සුවඳ ඇත
ඇතුලේ තිබෙන දෙය පිටතට පෙනෙනු නැත
එදා තරම් අද මිනිසා දරුණු නැත

සිප් සතර දැන උගෙන
මගේ ලොවට ඔබ රැගෙන
හදවතේ ගිනි නිවන
ඒ සොඳුරු දින කොතැන

කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ
කමිසය ගියා කලුතර සපත්තු රත්නපුරේ
ඔරලෝසුව ගියා නුවර බෑගය අම්පාරේ
මේවා එකට කවදා හමුවේද ජ'පුරේ


වයඹ සරසවිය..

කමිසය මගේ කලිසම වෙන කාගේය
බැනියම මගේ යට ඇඳුමත් ගමනේය
පසුදා හිඟයි ධනපති මහපොළ දාය
කෙල්ලෙක් නෑනේ මම තාමත් තනිකඩය

දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ
යනවද මචං පීනස් තෙල් වෙළදාමේ
අද බැරි වුනත් හෙට ලැබ ගමි නුඹ ප්‍රේමේ
එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ


*කරත්තය දැක්කීම = සරසවියෙ පෙම්වතිය සමඟ ඇවිදීම,පනාව = හිනාව
**සයිකො = ලයින් දැමීම


තවත් බොහොමයක් මෙනිතැන් 01, 02 ..

No comments:

Post a Comment