Saturday, November 3, 2012

නෑනා කැමති නෑ මට....


ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බට දඬු නළා...
ජය පැන් බොන සෙබළ ‍රැලක් - උලතෙත හඬ තල තලා....

රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා...
අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා...

පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
වසගනොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

මැල්ලුමකට වෙල්පලා - නෙලන්න සිහිනිග සලා
යනවිට රණ මොනරිවගේ - මගෙ හද කුල්මත් කලා
මම කැමතියි නෑනට........//

පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලිකරන්
පාසැල්යන දෙවට දිගේ - නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට........//

අඩ සදවන් නලලතේ - චන්දන තිලකය ඇතේ
රිකිපිල වැනි කෙස් කලඔට - කිතුල් රෑන පැරදෙතේ
මම කැමතියි නෑනට........//

මුහුදෙහි රල පෙල ගැසී - ගමන සදිසි යන ලැසී
ඇගෙයි මගෙයි ආදරයට - ආසිරිමල් වැසි වසී
මම කැමතියි නෑනට........//

නැහැඹුල් හද කිතිකැවී - නව රසදුන් සරසවී
මගෙ දුප්පත් පැලේ ඉන්න - එනවද මදු මාදවී
මම කැමතියි නෑනට........//

ඔබෙන් ලැබෙන තොත්තුවේ - රසයට හද පත්තුවේ
කිරියි පැනියි වගේ ඉන්න - එනවද මගෙ වස්තුවේ
මම කැමතියි නෑනට........//

කරදර බාදක මැද්දේ - දිවි ගගඟ පහලට ඇද්දේ
ගල්පරදැක පෙරමුනේ - මොන නදියද නැවතුනේ
මම කැමතියි නෑනට........//

ගන්නට ඔබ වාඩුවක් - නැහැ මට ඉන් පාඩුවක්
හදමුද අපි කූඩුවක් - ඉමුද පරවි ජොඩුවක්
මම කැමතියි නෑනට........//


 ගායනය / පද රචනය - සිරිසේන ගමගේ



 

No comments:

Post a Comment